IMF මුල්‍ය සහාය ගන්න පාකිස්ථානය ඉන්ධන මිල ඉහළ දමයි

පකිස්තාන රජය පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 30 කින් ඉහල දැමීමට තීරණය කල බව ඊයේ (26) නිවේදනය කළේය.

2019 ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අත්සන් කල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 6 ක මුල්‍ය සහාය ලබාගැනීම නැවත ආරම්භ කිරීම සඳහා මෙසේ ඉන්ධන මිල ඉහල දමන බව පකිස්තාන රජය ප්‍රකාශ කළේය.

මෙම මිළ වැඩි කිරීමත් සමග පෙට්‍රල් ලීටරයක නව මිල පාකිස්තාන රුපියල් 179 ක් සහ ඩීසල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 174 ක් ලෙස සටහන් විය

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් අගමැති ශෙබාස් ෂරීෆ් ප්‍රමුඛ පකිස්තාන රජයට දොස් පැවරුවේය. තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය විසින් රුසියාවෙන් සියයට 30 ක මිල අඩු කිරීමක් යටතේ බොරතෙල් මිලදී රුසියාව සමග ඇතිකරගත් එකඟතාව ඉදිරියට රැගෙන නොයාම සම්බන්ධව ඉම්රාන් ඛාන් පකිස්තාන රජයට දෝෂාරෝපණ එල්ල කළේය

.

Werzuo Digital

Leave a Reply