ස්වභාව විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලෙසින් හැඳින්වෙන ‘ලීනියන් පදක්කම’ මෙවර ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු සහ ස්වභාව විද්‍යාඥයකු වන ආචාර්ය රොහාන් පෙතියාගොඩ මහතාට පිරිනමා ඇත.
ලන්ඩනයේ ලීනියන් සමාජය මගින් ලෝකය පුරා විසිරී සිටින විශිෂ්ට ශාක විද්‍යාඥයන් සහ සත්ව විද්‍යාඥයන් වෙනුවෙන් 1888 වසරේ සිට වාර්ෂිකව පිරිනමන මෙම පදක්කම, ශ්‍රී ලාංකිකයෙකුට හිමිවූ පළමු අවස්ථාව මෙය වේ.
විද්‍යාඥයෙකු මෙන්ම අධ්‍යාපනඥයෙකු සහ ග්රන්ථ කතුවරයෙකු වන ආචාර්ය පෙතියාගොඩ මහතා ජාත්‍යන්තර රතු දත්ත කමිටුවේ නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස ද ඔහු කටයුතු කර තිබේ.
මෙරට මිරිදිය මතස්‍ය සම්පත පිළිබඳ විශේෂ අධ්‍යයනයක් කර ඇති පෙතියාගොඩ මහතා ලෝක බැංකුව ඇතුළු ආයතන රැසක් වෙනුවෙන් ජෛව විවිධත්වය පිළිබඳ පර්යේෂණාත්මක ලේඛන රැසක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව පර්යේෂණ සඳහා ඔහුගෙන් සිදු වූ සේවය මෙන්ම ඒවායේ ප්‍රතිඵල සම්බන්ධයෙන් සළකා බලා ඔහුට මෙම පදක්කම ලබාදීමට හේතුවූ බව සම්මාන කමිටුව සඳහන් කර තිබිණි.
ලන්ඩනයේ ලීනියන් සංගමය ලොව දැනට ක්‍රියාකාරීව පවතින ස්වභාවික ඉතිහාසය ගවේෂණය සඳහා වූ පැරණිතම සමාජයක් වන අතර, ස්වීඩන් ජාතික ස්වභා විද්‍යාඥයෙකු වන කාල් ලිනේයස් (1707-1778) අනුස්මරණය කිරීම පිණිය එය ලීනියන් සංගමය ලෙස නම් කර ඇත.
එමෙන්ම ආචාර්ය රොහාන් පෙතියාගොඩ මහතා මෙම පදක්කම දිනූ ආසියාවේ දෙවැනියා බව ද සඳහන් වේ.