කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් අද (26) පෙරවරු 8.00 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර දහවල් 12.00 අවසන් කරන ලදි

කරාපිටිය ශික්ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය දිනේෂ් යාපා පැවසුවේ, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ගේ වැටුපෙන් 25%ක පමණ ප්‍රමාණයක් ගණකාධිකාරීවරයා විසින් අත්තනෝමතික ලෙස කපා දැමීමට එරෙහිව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළැඹි බවයි.

මේ පිළිබඳ අවස්ථා කිහිපයකදීම රෝහල් පරිපාලනය සමඟ සාකච්ඡා පැවැත්වූ නමුත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් පළ නොවු බවත්
එබැවින් අකමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කල බව සම ලේකම් වෛද්‍ය දිනේෂ් යාපා මහතා පැවසීය.

කෙසේ වෙතත් හදිසි අනතුරු සේවා, ළමා වාට්ටු , පිළිකා වාට්ටු , වකුගඩු ඒකකවල ප්‍රතිකාර කිරීම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කල බව සම ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය..

Werzuo Digital

Leave a Reply