රත්ගම දි දුම්රිය බිලිගත් දෙවැනි බිල්ල – කාන්තාවක් දුම්රියේ හැපි මරුට

දුම්රිය මාර්ගය අයිනේ පොල් අතු අහුලමින් සිටි කාන්තාවක් රත්ගම ඕවකන්ද ප්‍රදේශයේදි අද පෙරවරුවේ (24) දුම්රියේ හැපි මියගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනයවු සිඝ්‍රගාමි දුම්රියේ හැපි මෙසේ මියගොස් ඇත්තේ රත්ගම ඕවකන්ද පදිංචි 68 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

ඒ අතර ඊයේ (23) දින ද ධීවර වෙළඳාමේ නිරත ව සිටි පුද්ගලයෙකු රත්ගම ඕවකන්ද දුම්රිය හරස් මාර්ගය හරහා සිය යතුරුපැදියෙන් ගමන් කිරීමේදී දුම්රිය හැපි මියගොස් තිබේ

මියගිය කාන්තාවගේ මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේදි පැවැත්විමට නියමිතව තිබු අතර රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply