රත්ගම ඕවකන්ද හන්දිය අසල දුම්රිය හරස් මාර්ගය හරහා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පුද්ගලයකු අද (23) දහවල් දුම්රියක ගැටී මියගොස් තිබේ.
නුවර සිට මාතර බලා ධාවනයවූ දුම්රියේ ගැටී මෙසේ මියගොස් ඇත්තේ ගනේගොඩ පදිංචි පනස් හැවිරිදි පුද්ගලයෙකි..
සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබන අතර මෘත දේහය කරාපිටිය රෝහල වෙත රැගෙන ගොස් තිබේ..