රත්ගම යතුරු පැදි අනතුරින් STF දෙදෙනෙකු ඇතුළු තිදෙනකුට තුවාල 

රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දෙදෙනෙකු ගමන්ගත් යතුරු පැදියක හැපුන කාන්තාවක්ද යතුරු පැදියේ ගමන්කල පොලිස් නිලධාරින් දෙදෙනාද තුවාල ලබා ඊයේ (04) රාත්‍රි කරාපිටිය රෝහලට ඇතුලත් කල බව රත්ගම පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ රත්ගම දේවිනිගොඩ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් සහ රත්ගම විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දෙදෙනෙකි..

විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දෙදෙනා පොලිස් යතුරු පැදියෙන් සංචාරය කරමින් සිටියදි වංගුවක් සහිත ස්ථානයකදී පාර හරහා ගමන් කිරිමේදි අනතුර සිදුව ඇත.

රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply