හික්කඩුව ධිවර වරායේ බහුදින යාත්‍රාවක් ගිනිගෙන විනාශවෙයි

හික්කඩුව ධිවර වරායේ නවතා තිබු බහුදින යාත්‍රාවක් අද (06) රාත්‍රි හදිසියේ ගිනි ගෙන විනාශ විය.

ගින්න හටගැනිමත් සමග ධිවරයින්ද හික්කඩුව පොලිසියද පැමිණ ගින්න නිවා දැමිමට උත්සාහ ගන්නා ලද අතර පසුව ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය පැමිණ ගින්න නිවා අනෙක් යාත්‍රාවලට පැතිර යාම වළක්වන ලදි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවි නොමැති අතර හික්කඩුව පොලිසිය විසින් පරික්ෂණ ආරම්භ කර ඇත.

Werzuo Digital

Leave a Reply