ලාම්පුවක් දල්වා පාඩම් කරමින් සිටි 16 හැවිරිදි සිසුවියක් ලාම්පුව පෙරළී පිලිස්සුම් තුවාල ලබා මියගොස් ඇතැයි කන්කසන්තුරේ පොලීසිය පවසයි. කන්කසන්තුරේ ඉලවාලි ප්‍රදේශයේ සිසුවියක් මෙලෙස මිය ගොස් තිබේ.
විදුලිය විසන්ධි වූ අවස්ථාවේ දී ඊයේ (2) රාත්‍රියේ මෙම සිසුවිය ලාම්පුව දල්වාගෙන සිය කාමරයේ දොර වසාගෙන පාඩම් කරමින් සිටියදී එය පෙරළී යාමෙන් මෙලෙස පිළිස්සුම් තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිය පියා විසින් ගෙන එන ලද පෙට්‍රල් බෝතලයක් එම කාමරයේ තිබී ඇති අතර ලාම්පුව පෙරලීමෙන් ගින්න පෙට්‍රල් වලට ඇවිලී මෙම ගින්න පැතිර ගොස් ඇති බව පොලිසිය පවසයි.
සිසුවියගේ බාල සොහොයුරා ඇයට පාඩම් කිරීමට බාධා කිරීම හේතුවෙන් සිසුවිය නිවසේ දොර වසාගෙන පාඩම් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ගින්න ඇති වීමත් සමගම කාමරයේ දොර වසා තිබීම හේතුවෙන් නිවැසියන්ට ක්ෂණිකව සිසුවිය බේරා ගැනීමට නොහැකි වී ඇති අතර නිවැසියන් දොර කඩා සිසුවිය බේරා ගන්නා අවස්ථාවේ ඇය දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලබා සිටි බව පොලිසිය සඳහන් කරයි.
ලංකාදීප