ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ධිවර යාත්‍රාවක සිටි ධිවරයෙකු පෙරේදා (09) මුහුදට වැටි අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ අහංගම ගුරුල්ලවල පදිංචිකරුවකු වන 49හැවිරිදි ධිවරයකි.
මදුෂාන් පුතා නමැති බහුදින යාත්‍රාවෙන් අතරුදහන්වු ධිවරයා තවත් හතර දෙනෙකු සමග ඉකුත් 07වනදින ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර ඇත මුහුදේදි යාත්‍රාව නැවක හැපිමෙන් අනතුරට ලක්ව ඇත.එහිදි ධිවරයින් සියලු දෙනා මුහුදට වැටි ඇති අතර සිව් දෙනෙකු වෙනත් යාත්‍රාවකින් බේරාගෙන ඇත.
අතුරුදහන්වු ධිවරයා සොයා නාවික හමුදාව මෙහෙයුමක් දියත්කර ඇති බවද පොලිසිය පවසයි.