ත්‍රීරෝද රථයක් සැඩ පහරට අසුව ගසා ගෙන යාමෙන් එහි රියදුරු මරුට

ඉංගිරිය මෙනේරිගම,ඉඳිකටු හන්දිය සපත්තු පාලම මතදී ත්‍රීරෝද රථයක් සැඩ පහරට අසුව ගසා ගෙන යාමෙන් එහි රියදුරු මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය රමුක්කන ගම මඩකඩ පදිංචි 46 හැවිරිදි දෙදරු පියෙකි

ඉංගිරිය නගරයට පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙනේරිය ගම දක්වා කුලී ගමනක් යාම සඳහා මිය ගිය රියදුරු කැඳවාගෙන ගොස් තිබූ අතර ඉදිකටු හන්දියේ සපත්තු පාලම අසලට පැමිණෙන විට ඒ මතින් අඩි දෙකහමාරක් පමණ උසින් යුත් ජල කඳක් පැවතීම හේතුවෙන් ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් බැස ත්‍රීරෝද රථ රියදුරුට නැවත ඉංගිරියට යන ලෙස පවසා තිබූ බව පොලිසිය පවසයි.

කුලී ගමන පැමිණි පුද්ගලයන් ගේ පුද්ගලයන් ගේ විරෝධය නොතකා ත්‍රීරෝද රථ රියදුරු ත්‍රීරෝද රථය ජල කඳ හරහා ධාවනය කිරීමට යාමට උත්සාහ කිරීමේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් තිබූ අතර සිද්ධිය දුටු කුලී ගමන පැමිණි පුද්ගලයන් දෙදෙනා ගේ කෑගැසීම ඇසීමෙන් ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණියත් රියදුරු බේරා ගැනීමට නොහැකි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි

Werzuo Digital

Leave a Reply