මියගිය අයෙකුගේ අත්සන යොදා ව්‍යාජ ඔප්පුවක් හැදු කතට දඬුවම්

තමන්ට අයිති නැති ඉඩමක් සඳහා ව්‍යාජ ඉඩම් ඔප්පුවක් සැකසිම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකාරියකට වසර එකක සිර දඩුවමක් සහ රුපියල් 1500ක දඩයක් නියම කල ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා සිර දඩුවම වසර දහයකට අත් හිටවනු ලැබිය.

මෙසේ දඩුවම් නියම වුයේ තල්පේ පදිංචි විත්තිකාරියකටය.

තමන්ට අයිති නැති දේපලක් සඳහා කූඨ ලේඛන සකස් කිරිම සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහිව මෙම නඩුව පවරා තිබු අතර මුල් අවස්ථාවේම ඇය වරද පිළිගෙන ඇත. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා මෙසේ දඩුවම් නියම කලේය.

පැමිණිල්ල ලැබිමෙන් පසු පොලිසිය විසින් කරන ලද විමර්ශණ වලදි අනාවරණයවි ඇත්තේ  තමාට ඉඩම විකුණු බවට මියගිය පුද්ගලයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඔප්පුවක් සකස්කර ඇති බවය.

Werzuo Digital

Leave a Reply