රුසියානු යුක්‍රේන යුද්ධයට මාසයයි – ගාල්ලේ විරෝධතාවයක්

රුසියානු – යුක්‍රේන යුද්ධයට මාසයක් සපිරිම නිමිත්තෙන් දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයින් පිරිසක් අද (24) පෙරවරුවේ ගාල්ල කොටුව ඕලන්ද රෙපරමාදු දේවස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක් පැවැත්විය.

දැනට පවතින යුද්ධය නවත්වා යුක්‍රේන ආක්‍රමණය නතර කරන ලෙස ඔවුන් රුසියානු බලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා ලෝක ප්‍රජාවට ද මැදිහත් වන ලෙස ඉල්ලා සිටියේය 

මෙම විරෝධතාවය සඳහා ගාල්ල, උණවටුන වැලිගම, මිරිස්ස, හබරාදූව, හික්කඩුව සහ බෙන්තොට යන ප්‍රදේශවල රැඳී සිටින යුක්‍රේන සංචාරකයන් 100 කට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ.

Werzuo Digital

Leave a Reply