දකුණු ඉන්දීය වෙරළේ ආරක්ෂාව තර කෙරේ

ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් ඉන්දියාවේ වෙත පැමිණීම වැළැක්වීම සඳහා තමිල්නාඩු සහ කේරළ ප්‍රාන්ත පොලිසිය එක්ව ඉන්දීය වෙරළ ආරක්ෂකයන් එක්ව තමිල්නාඩු වෙරළේ ආරක්ෂාව තර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉදිරියේදී ඇති විය හැකි සරණාගත අර්බුදය පිළිබඳ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාලින් ඉන්දියානු මධ්‍යම රජයට ද මේ බව දැනුම් දී ඇතැයි වාර්තාවේ. තමිල්නාඩු මුහුදේ සැකකටයුතු යමක් දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙසද තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ධීවරයින් දැනුවත් කර ඇති බවද මාධ්‍ය වාර්තා පවසයි.

ඉන්දියාවට පැමිණි පළමු කණ්ඩායමේ ශ්‍රී ලාංකික සරණාගතයින් 6 දෙනා ගෙන් වැඩිහිටි 03 දින 14ක් රිමාන්ඩ් භාරයේ තැබිමට එරට මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් නියෝග කර ඇති බවත් අනිකුත් සරණාගතයින් මන්දපම් කඳවුරේ රඳවා අවශ්‍ය විමසීම් කඳවුර මාර්ගයෙන් සිදු කිරීමට ප්‍රාන්ත ආණ්ඩුව තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

රාජ්‍ය නොවන සංවිධානයක් ඉන්දීය මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සරණාගතයින්ට මානුෂීය හේතුන් මත ඉන්දීය මධ්‍යම රජය විසින් සරණාගත තත්ත්වය ලබා දිය යුතු බවය.

Werzuo Digital

Leave a Reply