දකුණු මුහුදේ අනතුරට පත් විදේශිය රුවල් යාත්‍රාවක් බේරාගැනේ

හම්බන්තොටට ඔබ්බෙන්වූ දකුණු මුහුදු ප්‍රදේශයේදී ආපදාවට පත්වූ විදේශීය රුවල් යාත්‍රාවක් සහ විදේශීකයන් දෙදෙනකු නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව පැවසීය.

ත්‍රිකුණාමලය වරායෙන් පසුගිය 19 වැනිදා මාලදිවයින වෙත ගමන් ආරම්භ කළ එම රුවල් යාත්‍රාව කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්ව ඇති බවත් කොළඹ නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට කළ දැනුම්දීමක් අනුව එම යාත්‍රාව ගොඩබිම වෙත රැගෙන ඒමට පියවර ගත් බවත් නාවික හමුදාව පවසයි.

රුවල් යාත්‍රාව අළුත්වැඩියා කටයුතු සඳහා එම රුවල් යාත්‍රාවේ දේශීය නියෝජිත ආයතනයට භාරදුන් බව ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply