ඉමදුව, කෝදාගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක තිබි ඇට සැකිල්ලක් ඊයේ (20) සවස හමුවු බව ඉමදුව පොලිසිය පවසයි.
පොලිසියට ලද තොරතුරක් මත මෙම ඇටසැකිල්ල සොයාගෙන තිබේ. මීට මාස 03 කට පමන පෙර මිය ගොස් ඇති බවට සැකකල හැකි මෙම පුද්ගල මළ සිරුර ආසන්නයේ තිබී ජාතික හැදුනුමිපතක් හමුවි ඇති අතර එය ඉමදුව පදිංචි 70 හැවිරිදි පුද්ගලයකුගේ බවට හදුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉමදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි..