බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව දැනට පවතින පීඩන අවපාතය ඉදිරි පැය කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේය..
මින් ශ්‍රි ලංකාවට සෘජු බලපැමක් නොමැති අතර මෙහි බලපෑමෙන් ගිනිකොණදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, විටින් විට පැයට කිලෝමීටර 60, 70 පමණ වේගවත් සුළං ඇතිවන බවත් එම අවස්ථාවලදී මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
එබැවින් නැවත දැනුම් දෙන තුරු ගිනිකොණදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයන්හි යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් කරයි.
දැනට මෙම මුහුදු ප්‍රදේශයන්හි ධීවර කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්‍ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
මෙම සුළි සුළි කුණාටුවක් “අසානි” යන නමින් හඳුන්වා ඇති අතර අන්දමන් හා නිකෝබාර් දූපත් හරහා ගමන් කර මියන්මාරයෙන් ගොඩබිමට ඇතුල් වන බව ඉන්දීය කාලගුණ අංශ අනාවැකි පල කර ඇත. ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ සිටින ධිවර හා නාවුක ප්‍රජාව වහාම ඉවත්ව ආරක්ෂිත මුහුදු කලාපයක් කරා යන ලෙස ඉන්දීය කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ