සිය පුතා මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් නොවීම පිළිබඳව කම්පනයට පත් වූ කිලිනොච්චියේ උරුතිරපුරම් ප්‍රදේශයේ මවක් පෙරේදා (16) සියදිවි හානි කර ගැනීමේ අරමුණින් වස පානය කොට තිබේ.
අවට ගම්වාසීන් ඇයට ප්‍රතිකාර ලබාදී කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර අය දැනට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබයි.
නිවෙසේ උදවිය පොලිසියට පවසා ඇත්තේ කාන්තාවගේ පුතා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත්වීම නිසා ඇය දැඩි මානසික කම්පනයකින් සිටි බවත් පසුව ඇය නිවෙස් පිටුපසට ගොස් කුඹුරට ඉසීමට රැගෙන විත් තිබූ වස වර්ගයක් පානය කළ බවත්ය.
කිලිනොච්චිය පොලිසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙනයනු යයි.
මව්බිම
සියදිවි නසා ගැනීම් වලට පෙළඹීමට ඉඩ ඇති අය ඇතුළුව, ආතතිය, කළකිරීමෙන් සිටින හෝ බලාපොරොත්තු සුන්වීම් වැනි ඛේදනීය තත්ත්වයන්ට මුහුණ දෙන පුද්ගලයින්ට අවශ්‍ය වෙන මානසික සහනය අදාල පුද්ගලයන්ගේ සහ තොරතුරු වල රහස්‍යභාවය රකිමින් නොමිලේ උපදේශන සේවය සදහා අමතන්න
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ
උපදේශන සේවාව, “Say Yes To Life”
+94 112 682 535