ලෙනෝඩ් වල්ගා තරුව ශ්‍රී ලාංකිකයන්ට පියවි ඇසින් දැකගැනීමට අවස්ථාවක්

මේ දිනවල පෘථිවියට දිස්වන ලෙනෝඩ් ධූමකේතුව (C 2021 A 1) ලබන 18 වැනිදායින් පසු ශ්‍රී ලාංකිකයන්ට පියවි ඇසින් දැකගැනීමට හැකිවනු ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කර ඇත 

ඒ අනුව හිරු බැසගොස් විනාඩි 30කට පමණ පසු බටහිර අහසේ නිරිතදිගට වන්නට බ්‍රහස්පති, සෙනසුරු හා සිකුරු ග්‍රහලෝක අසලින් මේ ධූමකේතුව දැකගැනීමට හැකිවනු ඇතැයි ඔහු සඳහන් කර ඇත..

මෙය පියවි ඇසින් දැකීම ඉතා දුෂ්කර නමුත් ඉතා පැහැදිලි අහසක් තිබුණොත් පමණක් එසේ නැරඹීමට හැකි වනු ඇති බවත්, දෙනෙතියකින් හෝ දුරේක්‍ෂයකින් හෙට (15) මෙය නැරඹිය හැකි බව ඒ මහතා ප්‍රකාශ කර ඇත.

Werzuo Digital

Leave a Reply