දුම්බර රටා කලාල යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් ලෙස යුනෙස්කෝ සංස්කෘතික උරුම කමිටුවේ 16 වැනි අන්තර් රාජ්‍ය හමුවේදී පිළිගෙන තිබේ.
යුනෙස්කෝ සංස්කෘතික උරුම කමිටුවේ 16 වැනි අන්තර් රාජ්‍ය හමුව ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙන් මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන අතර ඒ අනුව, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේ මහත්මිය සහ යුනෙස්කෝ ශ්‍රී ලංකා ශාඛාවේ මහලේකම් ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත යන මහත්ම මහත්මීන් එහි ප්‍රධානත්වය උසුලන අතර හමුව පැවැත්වෙන්නේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙනි .
රටවල් 184 ක් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයින් , නියෝජිතයින් ඇතුළු 800කට ආසන්න පිරිසක් ඊට ඔන්ලයින් ඔස්සේය එක්ව සිටි..
හමුවේ සමාරම්භක උත්සවය ඊයේ (13) ප්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ මූලස්ථානයේදී පැවැත්වුණු අතර දුම්බර රටා කලාල යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් ලෙස එහිදී පිළිගෙන තිබේ. ඒ අනුව එය ප්‍රකාශයට පත් කිරීම හෙට (15) පැරිස් නුවරදී සිදුකිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ දුම්බර ප්‍රදේශය දුම්බර රටා කලාල කර්මාන්ත වලට ප්‍රසිද්ධියක් උසුලනු ලැබේ.
පන් වර්ග සහ නියඳ කෙඳි භාවිතයෙන් මෙම පැදුරු හා කලාල විවීම සිදුකෙරේ. ස්වාභාවිකව ලබාගන්නා කෙඳි භාවිතයෙන් මෙන්ම ස්වාභාවිකව වර්ණ ගැන්වීමෙන් විවීමට සුදුසු අමුද්‍රව්‍ය සකසා ගනු ලැබේ. මෙලෙස වර්ණ ගන්වන ලද පන් හා නියද යොදාගනිමින් විවිධ රටා සහිත පැදුරු, කලාල, බහාලූම්, හැඳි අලූව ආදිය සකසා ගනු ලැබේ.. ආවේණික කලා රටාවන් යොදාගන්නා මෙම නිර්මාණ දෙස් විදෙස් පාරිභෝගිකයන් විස්මයට පත්කිරීමට සමත්ය.