හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මහා ගින්නක් – 300 වැඩි පිරිසක් ගින්නට කොටුවේ

හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බවත් එහිදි 300 කට වැඩි පිරිසක් ගින්නට කොටු වී ගොඩනැගිල්ලේ වහල මත සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කලේය..
ගින්නට හසුවීමෙන් මේ වන විට තුවාල ලැබූ පුද්ගලයන් 04 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත් එම වාර්තා සදහන් කලේය..
ගොඩනැගිල්ල වහලේ කොටුවුණු පිරිස් මුදා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර වහලේ සිටින පිරිසට අමතරව, ගොඩනැගිල්ල තුළ පස් වැනි මහලේ ද 100 කට ආසන්න පිරිසක් ගින්නට කොටු වී සිටින බවත්, ඔවුන් බේරා ගැනීමට ද ගිනි නිවන භටයන් දැඩි පරිශ්‍රමයක් දරන බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන්  කලේය..

මේ වනවිට ගිනි නිවන හමුදා කණ්ඩායම් රැසක් ගින්න නිවා දැමීමට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ…
Werzuo Digital

Leave a Reply