ගාල්ල මහ නගර සභාවේ 2022 අයවැය ලේඛනය අද (15) සවස වැඩි ඡන්ද 26 කින් සම්මත විය.
නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 29ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 3කි.
ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී සංයුතිය 35කි.
අයවැයට පක්ෂව
👉 පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු – 13
👉 එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු – 13
👉 ශ්‍රි ලංකා නිදහස් පක්ෂය – 01
👉 එක්සත් ජාතික නිදහස් පෙරමුණ – 01
👉 ස්වාධින කණ්ඩායම – 01
අයවැයට විපක්ෂව
👉 ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු – 03
ජන්දය දිමෙන් වැලකි සිටිම්
👉 ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු – 02
නොපැමිණීම්
👉 එක්සත් ජාතික පක්ෂය – 01