කොළඹ නගරයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත..
2021 වසරේ ගත වූ මාස කිහිපය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 5340 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව දිවයිනේ වැඩි ම රෝගීන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත..
දෙවැනියට වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය 3052 කි.ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2211ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1364ක් ද වාර්තා වී තිබේ
මෙම මාසයේ ගත වූ දින කිහිපයේ දී පමණක් මුළු දිවයිනෙන් ඩෙංගු රෝගීන් 258ක් හදුනාගෙන ඇති අතර, වසරේ මේ දක්වා කාලය තුළ මුළු දිවයිනෙන් ම වාර්තා වී ඇති සමස්ත ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 18,108 කි.
පසුගිය වසරේ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 31,162ක් බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර ඇත