අධිවේගී මාර්ගවල ගමන් ගන්නා ගිලන්රථ ගාස්තුවලින් නිදහස්

මෙරට අධිවේගී මාර්ග වල ධාවනය කරන සියළුම ගිලන් රථගාස්තු වලින් නිදහස් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත..
ඒ අනුව රජයේ සහ පෞද්ගලික රෝහල්වලට අනුබද්ධිත ගිලන් රථ සඳහා නොමිලයේ අධිවේගී මාර්ග වල ගමන් කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කර ඇත..
මීට පෙර ගිලන් රථ වලින් අධිවේගී මාර්ග ගාස්තු අය කල අතර කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ පැවති තත්ත්වය සැලකිල්ලට ගෙන පසුගිය මැයි 20වන දින සිට නැවත දැනුම් දෙන තුරු අධිවේගී මාර්ග වල ගමන් ගන්නා සියළුම ගිලන් රථ අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කිරිමට කටයුතු කළ බවත් ඉදිරියේදීත් අඛණ්ඩව ගිලන් රථ සඳහා එම සහනය ලබාදීමට තීරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත..
Werzuo Digital

Leave a Reply