කොවිඩ් මාර්ගෝපදේශවලට අනුකූලව අදට යෙදි ඇති උඳුවප් පුන් පෝයත් සමග ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ විය.
පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත්,බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේ වැඩම කරවු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද මළුව වෙත වඩම්මවා චාරිත්‍රානුකුලව ශ්‍රි පාද පද්මය අද උදැසන යෙදුණු සුභ නැකතට අනුව දෝවනය කිරිමෙන් අනතුරුව වැඩම්ම වු සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ පසු තැන්පත් කිරිමෙන් අනතුරුව ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කෙරිණ.
ශ්‍රීපාද උඩ මළුව වෙත පැමිණ සිටි ප්‍රථම ශ්‍රීපාද වන්දනා නඬයේ සාඳුනඳ මධ්‍යයේ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රීපාද උඩ මළුවේ පිහිටි සමන්දේවාලයේ තැන්පත් කිරිම සුභ නැකත් අනුව සිදු කෙරීමෙන් අනතුරුව මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ විය.