‘ඔමික්‍රෝන්’ කොවිඩ් විකෘතිය ඉලක්ක කරගෙන, එය අඩපණ කිරීමට, ඇමෙරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම නිපදවන යවත්කාලීන කරන ලද ‘ෆයිසර්’ එන්නත ඇණවුම් කිරීමට බටහිර රටවල් මේ වනවිටත් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය..
‘ඔමික්‍රෝන්’ වේගයෙන් ව්‍යාප්ත වුණත්, සංකූලතා අවම වුවත්, එය කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත්වල කාර්යක්ෂමතාව අඩු කරන බව පර්යේෂණ මගින් ගෙන තිබේ.
රටවල් බොහොමයක් ‘ෆයිසර්’ එන්නත යොදා ගනිමින් බූස්ටර් එන්නත් ලබා දීම සිදු කරන්නේ ද මේ නිසාය.
‘ඔමික්‍රෝන්’ කරළියට පැමිණි අවස්ථාවේදී ම ෆයිසර් සමාගම කියා සිටියේ දින 100 ක් ඇතුළත ඔමික්‍රෝන් පමණක් නොව ඉදිරියේ දී බිහිවනු ඇතැයි විශ්වාස කෙරෙන කොවිඩ් 19 විකෘති ඉලක්ක කර ගනිමින් යවත්කාලීන කළ විශේෂ එන්නතක් නිපදවන බවය.
ඒ අනුව පසුගිය නොවැම්බර් 25 වැනිදා පර්යේෂණ මට්ටමේ එන්නතක් නිපදවීමට ‘ෆයිසර්’ සමාගම කටයුතු කළේය.
එම එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර තිබේ. එන්නත මහා පරිමාණයෙන් නිපදවීම අද හෙට සිදුවනු ඇති බවද එම වාර්තා සදහන් කලේය..
ඒ අනුව පළමුවෙන් එම යවත්කාලීන කරන ලද ‘ෆයිසර්’ එන්නත යුරෝපා සංගමය විසින් සිය සංගමයේ රටවල් සදහා ඇනවුම් කර තිබෙන බවද එම වාර්තා සදහන් කර තිබේ
මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතිය යුරෝපා රටවල බහුලව ව්‍යාප්ත වෙයි..