පකිස්ථානයේ කරච්චි නුවර ෂර්ෂා ප්‍රදේශයේ පරචා චෝක් ප්‍රදේශයේ අද (18) සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි එරට බලධාරීන් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළයා හැකි බවද එම වාර්තා සදහන් කලේය.
පාකිස්තානයේ විශාලතම බැංකුවක් වන Habib බැංකුවේ ශාඛාවක් පිහිටි ගොඩනැගිල්ලකට පහළින් තිබු කාණුවක මෙම පිපිරීම සිදුව තිබෙන බවත් ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙය සිදුව ඇති බවට එරට බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා සදහන් කලේය.. පිපිරීමෙන් බැංකු ගොඩනැගිල්ලටද බරපතළ හානි සිදුව තිබේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් පරික්ෂණ ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අගමැති ඉම්රාන් ඛාන් මහතා සිය ශෝකය පළ කරමින් ටිවිටර් පණිවිඩයක් ද නිකුත් කර ඇත
(විදෙස් මාධ්‍ය)