මැඩගස්කරයේ පොලිස් සේවා කටයුතු බාර අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටීමෙන් පසු දිවි ගලවා ගත් අමාත්‍යවරයා පැය 12 ක් තිස්සේ මුහුදේ පිහිනමින් ගොඩබිමට පැමිණ දිවි ගලවා ගැනීමට සමත් වූ බව එරට පුවත් සේවා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය
අනතුර සිදු වන විට අමාත්‍යවරයා සමග සමඟ තවත් 64 දෙනකු හෙලිකොප්ටරයේ සිට ඇති අතර හෙලිකොප්ටරය නියමුවන්ගේ පාලනයෙන් ගිලිහී ගිය අවස්ථාවේදී එය මුහුදට ඉහළින් පියාසර කරමින් තිබියදි ඇමැතිවරයා ඇතුළු කිහිප දෙනකු මුහුදට පැන ඇතැයි එම වාර්තා සඳහන් කළේ ය.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා එරට නාවික හමුදාව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවද එහි සඳහන්ය
පැය 12 ක් තිස්සේ නොකඩවා පිහිනමින්, ගොඩබිමට ළං වූ අමාත්‍යවරයා කඩිනමින් රෝහල් ගත කෙරුණු බවත් ඒ අවස්ථාවේ ඔවුහු දැඩි ලෙස විඩාවට පත් වී සිටි බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය
අනතුරින් මියගිය 22 දෙනකුගේ සිරුරු හමුවී ඇති බවත් සෙසු පිරිස තවමත් අතුරුදක් බවත් වෙරළාරක්ෂක බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය
හිටපු පොලිස් නිලධාරියෙක් වන සර්ජ් ජෙල් මැඩගස්කරයේ පොලිස් සේවා කටයුතු බාර අමාත්යවරයාවේ..