මියන්මාරයේ පතල් අනතුරකින් 100 දෙනෙකු අතුරුදන්

උතුරු මියන්මාරයේ ජේඩ් පතලක සිදුවූ නාය යෑමකින් අවම වශයෙන් එක් අයෙකු මියගොස් තවත් 100 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව ගලවා ගැනීමේ සහන කණ්ඩායම් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය..

Kachin ප්‍රාන්තයේ Hpakant පතලේ අලුයම 4.00 ට පමණ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 70ත් 100ත් අතර පමණ පිරිසක් අතුරුදහන් වී ඇති බවත් තුවාල ලැබූවන් 25 දෙනෙකු රෝහලට යවා ඇති අතර එක් අයෙකු මියගොස් ඇති බව එම වාර්තා සදහන් කලේය..
පතලේ සිරවී සිටින පිරිස් බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් සිදු කරමින් සිටින බවත් ගලවා ගැනීමේ කණ්ඩායම් සඳහා 200 දෙනෙකුගෙන් යුතු සහන කණ්ඩායමක් සහභාගී වී ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය 
පසුගිය වසරේ අධික වර්ෂාපතනය හේතුවෙන් මියන්මාරයේ Kachin ප්‍රාන්තයේ ජේඩ් වෙළඳාමේ හදවත වන Hpakant හි දැවැන්ත නායයෑමක් ඇති වූ අතර එමඟින් 170 කට වැඩි පිරිසක් මියගියහ
ලෝකයේ ජේඩ්වලින් සියයට 90ක් නිෂ්පාදනය කරන්නේ මියන්මාරයයි.
Werzuo Digital

Leave a Reply