වෙනත් වසරවල දෙසැම්බර් මාසයේ දක්නට ලැබෙන ශීත කාලගුණ තත්ත්වය මෙම වසරේ මේ දක්වා ස්ථාපිත වී නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
හිමාල කඳුවැටිය හරහා හමා එන සුළං තත්ත්වය මේ දක්වා ස්ථාපිත වී නො තිබීම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කලේය.
කෙසේ වෙතත් සුළං රටාවේ වෙනස්වීමක් සිදු වුව හොත් ඉදිරි දිනවල දී ශීත කාලගුණ තත්ත්වය ඇති වෙනු ඇති බව ද ඔහු සඳහන් කළා.
මේ අතර, මේ දිනවල කොළඹට ඉහළ අහසේ මීදුම් වලාවක් සේ අපහැදිලි අහසක් දිස්වීමට හේතුව දූවිලි අංශුවල ඉහළ යෑම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය