මේ වසර සඳහා ඩොලර් බිලියන 11 ක් බදු ගෙවන සුපිරි ධනවතා


ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලොන් මස්ක් මේ වසර සඳහා බදු වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 11 කට (පවුම් බිලියන 8.3 ක්) වැඩි ප්‍රමාණයක් ගෙවන බව ඔහු විසින් ටිවීටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ..


කෙසේ වෙතත් මෙම සතිය මුලදී, ඩිමොක්‍රටික් එක්සත් ජනපද සෙනෙට් සභික එලිසබෙත් වොරන් ප්‍රකාශ කළේ ටයිම් සඟරාව එහි “වසරේ පුද්ගලයා” ලෙස නම් කිරීමෙන් පසු මස්ක් බදු ගෙවිය යුතු අතර “අනෙක් සියල්ලන්ටම නොමිලේ දිම” නැවැත්විය යුතු බවයි.
ටයිම්ස් සඟරාව 2021 වසරේ ලොව වඩාත් ම බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයා ලෙස ටෙස්ලා තාක්ෂණ සමාගමේ නිර්මාතෘ ඊලොන් මස්ක් නම් කරනු ලැබුවා. මේ වන විට ඔහු ටෙස්ලා විදුලි මෝටර් රථ සමාගමෙන් ඔබ්බට ගොස් අභ්‍යාවකාශය ජය ගැනීමට ස්පේස් එක්ස් රොකට් නිර්මාණය කරමින් සිටි.

දකුණු අප්‍රිකාවේ උපත ලද දැන් 50 වැනි වියේ පසුවන ඊලොන් මස්ක්ගේ වත්කම් ඩොලර් බිලියන 250 ඉක්මවන අතර ටෙස්ලා හි වටිනාකම ඩොලර් ට්‍රිලියනකි, SpaceX හි වටිනාකම ඩොලර් බිලියන 100 කි


ඔහු නිකුත් කල ටිවීටර් පණිවුඩය

Werzuo Digital

Leave a Reply