ලොව පළමු කෙටි පණිවිඩය ඩොලර් 121,000කට වෙන්දේසි වෙයි

“Merry Christmas” යනුවෙන් ලොව ප්‍රථම කෙටි පණිවිඩය වෙන්දේසියේදී ඩොලර් 121,000 අලෙවි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය..

එය 1992 දෙසැම්බර් මස 03 දින Vodafone දුරකථන ජාලය භාවිතා කරමින් නීල් පැප්වර්ත් නම් එංගලන්තයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විසින් එම සමාගමේ සේවකයෙකු වන රිචඩ් ජාර්විස් වෙත එය යවා තිබේ..

කිලෝග්‍රෑම් 2ක් පමණ බර “Orbitel” දුරකථනයට මෙම කෙටි පණිවුඩය ලැබි තිබෙන අතට මෙය ඩෙස්ක් වර්ගයේ දුරකථනයකට සමාන රැහැන් රහිතව  හසුරුවන දුරකථනයකි

 ”Merry Christmas” යන්න සඳහන්ව ඇති එය ලොව ප්‍රථම කෙටි පණිවිඩයයි.

දෙසැම්බර් 21 වෙනි දින Vodafone සමාගම විසින් කෙටි පණිවිඩය NFT (එන්.එෆ්.ටී) එකක් ලෙස වෙන්දේසි කර ඇති අතර, වෙන්දේසියෙන් ලැබෙන ආදායම අවතැන් වූ පුද්ගලයන්ට සහාය වීම සදහා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් සහ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියට ලබාදී ඇත.

මෙම කෙටි පණිවිඩය අඟහරුවාදා දින යුරෝ 107,000  (ඩොලර් 121,000) කට පැරිස් වෙන්දේසි ආයතනයකදී වෙන්දේසි විය..

Werzuo Digital

Leave a Reply