මත්ද්‍රව්‍ය රස පරීක්ෂක වාර්තා දින 14 කින්

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා සති දෙකකින් ලබාදීමට පියවර ගෙන ඇතැයි අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබේ. මීට පෙර එම වාර්තා ලබා දීමට මාස අටක පමණ කාලයක් ගතවිය.
රස පරීක්ෂක වාර්තා අඩු කාලයකින් ලබාදීමේ ක්‍රමවේදය හරහා සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කාර්යක්ෂම කළ හැකි බවත් මෙම කටයුතු සක්‍රිය කිරීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව උපරිම වශයෙන් වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (23) පැවති ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ නව ආඥාලාභී තොරතුරු කළමනාකරණ පද්ධතිය ,නව වෙබ් අඩවිය, නිල ලාංඡනය හා නිල ගීතය ජනගත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ..
Werzuo Digital

Leave a Reply