තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළ වෙඩි තැබීමක් – පොලිස් නිලධාරීන් 03 දෙනෙකු මරුට

ඊයේ (24) රාත්‍රියේ  තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුලදී එම පොලිස් ස්ථානයට අනියුක්ත නිලධාරියකු විසින් පොලිස් ස්ථානයේ රාජකාරිය කළ තවත් නිලධාරීන් පිරිසකට වෙඩි තැබීමක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය 

සිද්ධියෙන් පොලිස් නිලධාරීන් තිදෙනකු මියගොස් ඇති අතර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනකු වෙඩි වැදීමෙන් තුවාල ලබා තිරුක්කෝවිල් සහ සහ අක්කරෙයිපත්තු  රෝහල් වෙත ඇතුළත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.. 
තිරුක්කොවිල් පොලිස් ස්ථානය අනුයුක්තව  රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් වෙඩි තැබීමෙන් පසු ඔහු T56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ පතුරම් ගැබ් 19ක් සමග ඇතිමලේ පොලිසිය වෙත ගොස් භාර වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත්  පැවසීය  
Werzuo Digital

Leave a Reply