ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය අද (03)

ඩුබායිහිදී මේ දිනවල පැවැත්වෙන ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය අදට (03) යෙදී ඇත.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද ශ්‍රි ලංකා ප්‍රදර්ශනය විවෘත කිරිමට නියමිතය..

ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රීලන්කන් ගුවන් සේවය, අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු මෙරට ආයතන කිහිපයක්, ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධනය සඳහා වන ප්‍රදර්ශන කුටි රැසක් මෙම ප්‍රදර්ශනයට එක් කර ඇත…

ශ්‍රී ලංකා තේ සහ, බීරලු, කැටයම් පිත්තල, පන්කොල නිෂ්පාදන අත්කම් ඇතුළු ප්‍රදර්ශන භාණ්ඩ රැසක් ප්‍රදර්ශනයට තබා ඇත

2020 ඔක්තෝබර් මස පළවැනිදා සිට ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය සඳහා ලෝකයේ රටවල් 129 සහභාගී වී සිටින අතර, ලබන මාර්තු මාසය අවසානය වන තෙක් පැවැත්වේ. එක් එක් රටවල් වෙනුවෙන් දින වෙන් වී ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් (03) දිනය වෙන්වි ඇත.

Werzuo Digital

Leave a Reply