දෙනියාය සත්මහල් ඇල්ලේ අතුරුදහන් වු පිය – පුතු දෙදෙනාගේ මළ සිරුරු හමුවෙයි

දෙනියාය සත්මහල් ඇල්ලේ දිය නාමින් සිටියදි අද (01) දහවල් දියේ ගිලි අතුරුදහන්වු  පිය පුතු දෙදෙනාගේ සිරුරු සවස 6.00 ට පමණ සොයාගෙන තිබේ..
මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල ගිංතොට මහ හපුගල පදිංචිව සිටි 48 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 16 හැවිරිදි පුතාය..
අද (01) ගාල්ලේ සිට දෙනියාය පල්ලේගම සත්මහල් ඇල්ල නැරඹිමට පැමිණි ඇති අතර එහිදි දිය නෑමට ගොස් මෙම දෙදෙනා දිය පහරට හසුව අතුරුදහන් වි මෙම ඛේදවාචකය සිදුව තිබේ.
පසුව අතුරුදහන්ව සිටි  පිය පුතු දෙදෙනාගේ සිරුරු සොයා දෙනියාය පොලිසිය සහ ජිවිතාරක්ෂක කණ්ඩායම් එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදි සවස දෙදෙනාගේම සිරුරු සොයාගෙන ඇත..
සෙල්ෆි ජායාරූපයක් ගැනීමට සූදානම් වෙද්දී ඔහු පය ලිස්සා ඇල්ලට වැටී ඇති අතර ඔහු බේරා ගැනීමට පියා ඇල්ලට පැන ඇති අතර පසුව දෙදෙනාම දියේ ගිලී ඇතැයි පොලිසිය පැවසීය
Werzuo Digital

Leave a Reply