පැණි කොමඩු ගිනි ගණන් – කතරගම පූජා වට්ටි කඩ හිමියෝ අසීරුවේ

මාස දෙකකට අධික කාලයක් තිස්සේ පැණි කොමඩු මිල සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා පූජාවට්ටි වෙළඳසැල හිමියෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති 
පැණි කොමඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් සියය ඉක්මවා අලෙවි වන්නේ කලාතුරකිනි එහෙත් මාස තුනකට ආසන්න කාලයක සිට හොඳ තත්වයේ පැණි කොමඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 300 – 400 ත් අතර මිලකද, කුඩා ප්‍රමාණය කිලෝග්‍රෑමයක් රුපියල් 150 ත් 250 ත් අතර මිලකද පවතින බව පූජා වට්ටි වෙළඳසැල හිමියෝ කියති.
පොහොර හිඟ මෙන්ම පසුගිය කාලය තුළ එක දිගට වර්ෂාව පතිත වීම හේතුවෙන් කොමඩු වගා තැම්බී යාම මෙම හිඟයට හේතු වට්ටි වෙළඳසැල හිමියෝ කියති පෙන්වා දෙති.
ලංකාදීප 
Werzuo Digital

Leave a Reply