සිසුවියකට අතවර කළ තිදරු පියා වසර 60ක් හිරේ

බාල වයස්කාර 09 හැවිරිදි පාසල් දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 47 හැවිරිදි තිදරු පියකුට මාතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා වසර 60 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය..

විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා තුනම සැකයෙන් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා එක් චෝදනාවකට වසර 20 බැගින් චෝදනා තුනට වසර 60 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය 
චෝදනාවලට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියමු වූයේ වැලිගම පදිංචි 47 හැවිරිදි තිදරු පියකුට ය 
විත්තිකරුට නියම කළ වසර 60 ක සිර දඬුවමට අමතරව අධි චෝදනා තුනට වෙන් වශයෙන් රුපියල් 10,000 බැගින් රුපියල් 30,000 ක මුදලක් දඩ මුදලක් ගෙවන ලෙසට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා අමතරව චෝදනා තුනට රුපියල් ලක්ෂ තුනක මුදලක් වන්දි මුදලක් ලෙස වින්දිත බාලවයස්කාර දැරියට ගෙවන ලෙසට නියෝග කළේය.
2009 මාර්තු 17 වැනිදා හා 2010 මාර්තු 11 වැනිදා වැනි ද ආසන්න දිනයක දී බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනය සිදු කිරීම පිළිබඳව මාතර මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබිණි. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥවරයා සමග වැලිගම පොලිසිය ළමා හා කාන්තා ළමා හා කාන්තා කාර්යංශය සිද්ධිය සම්බන්ධ විමර්ශන මෙහෙය වීය.
ලංකාදීප  
Werzuo Digital

Leave a Reply