හබරාදුව, කොග්ගල පොහොර ගබඩාව අසල මාගල්තොට දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්ගත් මෝටර් රථයක් මාතර සිට මහනුවර බලා ධාවනය වු සීඝ්රගාමි දුම්රියේ ගැටී අද (06) දවල් සිදු වූ අනතුරින් මෝටර් රථයේ රියැදුරු තුවාල බරපතළ තුවාල ලබා තිබෙන බව හබරාදුව පොලිසිය පැවසීය
මෙලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ ගාල්ල නුගදුව පදිංචි පුද්ගලයෙකි.
මෝටර් රථය දුම්රියේ ගැටීමෙන් එය මීටර 30 ක් පමණ දුරට ඇදී ගොස් තිබෙන අතර පසුව අවට සිටි පිරිස් විසින් වහාම ක්රියාත්මක වි මෝටර් රථයේ සිරවී සිටි තුවාලකරු බේරා සුවසැරිය ගිලන් රථයක් මගින් ගාල්ල කරාපිටිය රෝහලට යවා තිබේ
මේ වන විට තුවාලකරු දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කර ප්රතිකාර ලබන බව රෝහල් ප්රකාශකයකු පැවසීය..