උණවටුන යද්දෙහිමුල්ල මුහුදේ පාවෙමින් තිබු පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් උණවටුන පොලිස් මුරපොලේ නිලධාරින් සහ ප්රදේශවාසින් එක්ව අද (06) සවස ගොඩ ගන්නා ලදි.
වයස අවුරුදු 20 – 30ත් අතර වයසේ පසුවන මොහු මෙතෙක් හඳුනාගෙන නොමැත
මළ සිරුර කරාපිටිය රෝහල වෙත ගෙන යන ලද අතර හබරාදුව පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.