ප්‍රචණ්ඩ විරෝධතා මැඩපැවැත්වීමට රුසියානු හමුදාව කසකස්ථානයට ගොඩබසී

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග කසකස්තානයේ මතුව ඇති විරෝධතා දැඩි ප්‍රචණ්ඩ මුහුණුවරක් ගැනීමත් සමග එය  මැඩපැවැත්වීම සඳහා කසකස්තාන  ජනාධිපතිවරයා රුසියාවෙන් කළ ඉල්ලිමකට අනුව සිය හමුදාව කසකස්ථානය වෙත යොමු කිරීමට රුසියාව පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම් වලින් කසකස්තාන ආරක්ෂක අංශ සාමාජිකයන් 12 දෙනෙකු මියගොස් තවත් 353 දෙනෙකු තුවාල ලබා තිබෙන බවද එම වාර්තා සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට විරෝධතා මැඩ පැවැත්වීම සඳහා රුසියානු භට පිරිස් කසකස්ථානය වෙත පැමිණ තිබේ.

තෙල් නිෂ්පාදනය කරන මධ්‍යම ආසියාතික රටක් වන කසකස්තානයේ ඉහළ යන ඉන්ධන මිලට එරෙහිව ජනතාව අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කළේ පසුගිය 03 වනදාය.

ඒ සමඟම  මතු වූ දැවැන්ත ජනතා විරෝධය මධ්‍යයේ එරට රජයේ ඉල්ලා අස් වීමෙන් පසුව ද යළිත් ප්‍රචණ්ඩ ක්‍රියා හටගැනීමත් සමග එරට ජනාධිපතිවරයා විසින් රුසියාවෙන් එය මැඩ පැවැත්වීම සඳහා සඳහා සහය ඉල්ලා තිබිණ.

Werzuo Digital

Leave a Reply