ඊශ්‍රායලය පක්ෂීන් අතර කුරුළු උණ රෝගය පැතිරෙයි

ඊශ්‍රායලයේ වෙරළ ආසන්න නගරයක් වන Caesarea ආසන්නයේ පිහිටි නම් Aviel නම් ගම්මානයේ ගොවිපොලක සිටි කළුකුම් පක්ෂීන් 107,000 තුළ H5N1හෙවත් කුරුළු උණ හඳුනාගත් බව එරට කෘෂිකර්ම සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය පවසයි. පසුගිය බදාදා දිනයේදී මෙම හඳුනා ගැනීම සිදුව තිබේ.
මේ අතර ඊට දිනකට පෙරාතුව එරට  උතුරුදිග Ram ගම්මානයේ පිහිටි තවත් ගොවිපල දෙකකදී ද කුරුළු උණ වැළඳුණු කළුකුම් පක්ෂීන් 62,500 ක්ද හඳුනාගෙන තිබේ. එසේම ආසන්න සති කීපයේදීම ඊශ්‍රායලයේ උතුරු දිග සහ දකුණු දිග දකුණුදිග ප්‍රදේශවල කුකුළන් සහ කළුකුම්  තුළ මෙම ආසාදිත බව හඳුනාගෙන ඇත.
දැනට සති තුනකට පමණ පෙරාතුව පෙරාතුව ඊශ්‍රායිලය වාසය කරන කොකුන් තුළ මෙම කුරුලු උණ තත්ත්වය ප්‍රථම වරට වාර්තා විය. බොහෝ විට ඉදිරියේ දී බළලුන්, ඌරන් සහ ව්‍යාඝ්‍ර යන්නට ද මෙම වෛරසය ආසාදනය වීමේ හැකියාවක් ඇතැයි සඳහන් වෙයි 
Werzuo Digital

Leave a Reply