ගාලු මුහුදේ දැවැන්ත කිඹුලන් තිදෙනෙක් (PHOTOS)

ගාල්ල ජා කොටුවැල්ල ආසන්න මුහුදේ කිඹුලන් තිදෙනකු සිටින බව වාර්තාවේ..

පළමු වරට ඊයේ (11) සවස මෙම කිඹුලන් තිදෙනා ජා කොටුවැල්ල අසල නොගැඹුරු මුහුදේ සිටිනු ධීවරයින් පිරිසක් පලමුව දැක ඇත. ධීවරයන් පැවසුවේ අඩි පහළොවක් පමණ දිග කිඹුලන් තිදෙනකු මෙලෙස මුහුදේ ගැවසෙන අයුරු තමන් දුටු බවයි.
මේ සම්බන්ධයෙන් නාවික හමුදාව සහ පොලිසිය දැනුවත් කිරීමට තමන් පියවර ගත් බවද ධීවරයෝ පැවසූහ.
මේ සම්බන්ධයෙන් අප හික්කඩුව වනජීවී වනජීවි කාර්යාලයෙන් විමසු විට ඒ සම්බන්ධව තමන් දැනුවත් කර ඇති බවත් මුහුදේ සිටින බවට පැවසෙන කිඹුලන් පිළිබඳව සොයා බැලිම සඳහා තම නිලධාරී කණ්ඩායමක් යෙදවිමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් වනජිවි නිලධාරි උත්පල ආදාරංග මහතා පැවසීය 
අධික වැසි දිනවල මෙන්ම කිඹුලන්ගේ අභිජනන සමයේද කිඹුලන් මෙසේ මුහුදට පැමිණෙන බවද හික්කඩුව වනජිවි කාර්යාලය පැවසීය.
මේ ආකාරයෙන්ම 2018 වසරේ දී උණවටුන සහ දෙවට අතර මුහුදේ දින කිහිපයක සිට රැඳි සිටි දැවැන්ත කිඹුලෙකු පසුව  ධිවරයින්ගේ දැලකට හසුවිමෙන් පසු බුන්දල වනෝද්‍යානයට මුදා හරින ලදී
         
        ගාලු මුහුදේ සිටින කිඹුලෙක්

 

         
        කිඹුලන් සිටිනු දුටු මුහුදු ප්‍රදේශය

 

Werzuo Digital

Leave a Reply