ගාලු මුහුදේ මා දෑලට හසුවු කිඹුලෙකු දෑලෙන් මිදී යලි මුහුදට (PHOTOS)

ගාල්ල දෙවට මුහුදේ සිටි කිඹුලෙකු අද (12) සවස ධීවරයින් පිරිසකගේ මා දෑලට හසුව ගොඩබිමට අදිමින් සිටියදි වෙරළට ලඟාවන විට කිඹුලා දෑලෙන් මිදී යලි මුහුදට පිහිනා ගිය බව දෙවට වෙරළේ ධීවර කටයුතුවල නිරත ධීවරයින් පැවසීය.
අද සවස කිඹුලෙකු දෙවට මුහුදේ සිටිනු දුටු ධීවරයින් පිරිසක් වනජිවි කාර්යාලයට දැනුම් දිමෙන් පසු අල්ලා ගැනිම සඳහා කිඹුලා කොටුකර මා දෑල එලා තිබේ. නමුත් කිඹුලා ගොඩබිමට ලඟා වෙමින් තිබියදි දෑල කඩාගෙන යලි මුහුදට පිහිනා ගිය බව ධීවරයින් පැවසීය..  
2018 වසරේ දී  මේ අයුරින් දෙවට මුහුදේ සිටි දැවැන්ත කිඹුලෙකු මා දෑල යොදා අල්ලාගෙන වනජිවි කාර්යාලයට බාරදෙනු ලැබුවේද මෙම ධීවරයින් පිරිසය. එහිදි කිඹුලා සපා කෑම නිසා ධීවරයෙකුගේ අතකටද බරපතළ තුවාල සිදුවු අතර පසුව එම කිඹුලා වනජිවි නිලධාරීන් විසින් බූන්දල ජාතික වනෝද්‍යානයට මුදා හරිනු ලැබිය.
ඊයේ (11) සවස පළමු වරට ගාලු මුහුදේ කිඹුලන් තිදෙනෙක් සිටින බව ධීවරයින් පිරිසක් දැක ඒ බව පොලිසිය, නාවික හමුදාව සහ වනජිවි කාර්යාලයට දැනුම් දි තිබේ.
ඒ සම්බන්ධයෙන් අප පලකල පුවත 👇 
Werzuo Digital

Leave a Reply