දිර්ඝ විවේකයෙකින් පසු “රජරට රැජින” උතුර – දකුණ අතර යලි ගමන් අරඹයි

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසරකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ බෙලිඅත්ත සිට අනුරාධපුර සහ අනුරාධපුර සිට බෙලිඅත්ත දක්වා ධාවනය වු “රජරට රැජින”  සීඝ්‍රගාමී දුම්රිය අද (12) සිට නැවත ධාවනය ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

දෙවැනි සහ තුන්වැනි පංතියේ ප්‍රවේශපත් පමණක් නිකුත් කරන මෙම දුම්රිය බෙලිඅත්ත සහ අනුරාධපුරයෙන් දිනපතා පෙරවරුවේ පිටත් වේ

මෙරට දුම්රිය සේවය තුල දිනපතා ධාවනය වන දුම්රිය සේවා අතරින් දීර්ඝතම ගමනාන්තයට හිමිකම් කියන රජරට රැජින සීඝ්‍රගාමී දුම්රිය 1968 පෙබරවාරි මස 26 වන දින මාතර සිට වව්නියාව දක්වා “රජරට රැජින” නමින් සීඝ්‍රගාමී දුම්රියක් ආරම්භ විය. 

පසුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා කොටස ඉදිකිරීමෙන් පසුව එය අනුරාධපුරය, වව්නියාව බලා බෙලිඅත්තේ සිට ගමන් ආරම්භ කරනු ලැබිය

Werzuo Digital

Leave a Reply