පොල් මිල යළිත් ඉහළට

ඵලදාව අඩුවීම හේතුවෙන් වෙළඳපොලේ පොල් ගෙඩියක මිල රුපියල් 10 ත් 15 ත් අතර අගයකින් ඉහළ ගොස් තිබෙන බව වාර්තාවේ.

මේ වන විට වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 80ත් 95 ත් අතර මිලකට අලෙවි වන බව ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමය සඳහන් කර ඇත. 

පසුගිය කාල සීමාවේදී පොල් ගෙඩියක මිල රුපියල් 60 දක්වා පහත බැස තිබුණි.

කෙසේ වෙතත් පොහොර ගැටලුව හේතුවෙන් මේ වන විට වතු වල පොල් ඵලදාව අඩු වී ඇති බැවින් පොල් මිල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමය සඳහන් කර ඇත 

දැනට ශ්‍රි ලංකාවේ මාසික පොල් ඵලදාව පොල් ගෙඩි මිලියන 200ත් 250ත් අතර පවති.

Werzuo Digital

Leave a Reply