දහස් ගණනකගේ ජිවිත බේරාගත් වීර මීයා “මගාවා” මියයයි (PHOTOS)


බිම් බෝම්බ වළලා ඇති ස්ථාන හා රසායන ද්‍රව්‍ය ඇති ස්ථාන ඉවෙන් හඳුනාගැනීම සඳහා විශේෂයෙන්ම පුහුණු කර ඇති ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් “මගාවා” නැමති මීයා කාම්බෝජයේ දී මියගොස් ඇති බව එරට මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය  වාර්තා කළේය.

“ඇපොපෝ” නැමති බෙල්ජියානු පුණ්‍යාතනයකට අයත් මෙම යෝධ අප්‍රිකානු ඌරුමීයා බිම් බෝම්බ වළලා ඇති ස්ථාන හා රසායනික ද්‍රව්‍ය ඇති ස්ථානය ඉවෙන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ලෝකයේ සිටි ප්‍රධානතම සත්වයා ලෙස සැලකේ. වසර අටක පමණ ජීවිත කාලයක් ගෙවා මියයන විට “මගාවා” බිම් බෝම්බ වළලා ඇති ප්‍රදේශ 1000 කට පමණ සිය දායකත්වය ලබා දී රන් පදක්කම් දිනා සිටියේය.

අවසන් දින කීපය දක්වාම “මගාවා” සුපුරුදු උද්යෝගයෙන් යුතුව සිය රාජකාරි වලට සහභාගි වූ බවත් සති අන්තය වන විට නිතර නිදා වැටීම්, ආහාර වලට උනන්දුව අඩු වීම වැනි ලක්ෂණ දක්නට ලැබුණු බවත් ඇපොපෝ ආයතනය ප්‍රකාශ කර තිබිණි.

ටැන්සානියාවේ දී දෙමුහුන් කරන ලද “මගාවා” එහිදී වසරක පමණ විශේෂ පුහුණුවක් ලබා දෙනු ලැබීය. “මගාවා” මුලින්ම සිය ඉව මගින් බිම්බෝම්බ අනාවරණය කර ගැනීම සඳහා කාම්බෝජයේ වෙත රැගෙන යනු ලැබුණි. එහි බිම්බෝම්බ වැළලූ ස්ථාන ලක්ෂ හයක් (600,000) පමණ හඳුනා ගැනීමට “මගාවා” සහාය විය.

පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය ඉවෙන් හඳුනා ගැනීමට වූ පුහුණුකර තිබිණි වර්ගමීටර 141,000ක පමණ භූමි කලාපයක් “මගාවා” ආවරණය කරන ඇතැයි සැලකේ. මෙය පාපන්දු පිටි 20 ක පමණ විශාල ප්‍රදේශයකට සමානය.

කිලෝ ග්‍රෑම් 1.2 ක් පමණ බරකින් යුත් “මගාවා” ගේ සිරුරේ දිග සෙන්ටි මීටර් 70 කි (අඟල් 28) කි. ඒ අනුව වෙනත් මී විශේෂ වලට වඩා වූ ශරීර ප්‍රමාණයෙන් විශාලය. කෙසේ වුවත් තමාගේ සේවය ලබා දෙන ස්ථානවලට පුපුරන ද්‍රව්‍ය පිපිරී නොයන ලෙස උගේ බර සැහැල්ලු විය.

“මගාවා”  සිදු කළ මෙහෙය වෙනුවෙන් 2020 සැප්තැම්බර් මාසයේ බ්‍රිතාන්‍යයේ PDSA සත්ව හිංසා පුණ්‍යායතනය රන් පදක්කමක් ප්‍රදානය කරනු ලැබීය.

පස් වසරක පමණ සේවා කාලයකට පසු පසුගිය ජුනි මාසයේදී “මගාවා” විශ්‍රාම ගියේය..


Werzuo Digital

Leave a Reply