තායිලන්ත මුහුදේ අද්භූත නෞකාවක් (PHOTOS)

කාර්ය මණ්ඩලයක් නොමැති අද්භූත නෞකාවක් තායිලන්ත වෙරළට  ඔබ්බෙන් පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය

පසුගිය 06 වනදා තායිලන්ත බොක්ක ප්‍රදේශයේ තෙල් කැණීම් කම්කරුවන් විසින් මුලින්ම නිරීක්ෂණය කරන ලද මේ අතහැර දැමූ  නෞකාව හඳුනාගත හැකි කිසිදු ලියවිල්ලක් හමු වී නොතිබේ.

පසුව තායිලන්ත නාවික හමුදාව විසින් එය ගොඩබිමට ඇද ගෙන එමින් සිටියදී වෙරළට ඔබ්බෙන් කිලෝමීටර සියයක් පමණ වූ  මුහුදු ප්‍රදේශයක මුහුදුබත් වී තිබේ.

අඩි 262ක් දිග මෙම යාත්‍රාවේ “ජින් ෂුයි යුවාන් 2”  ලෙස චීන අක්ෂර වලින් සඳහන් කර තිබූ අතර එය කුමන ස්ථානයකි ස්ථානයකින් පැමිණියේ ද යන්න සොයා ගැනීමට නොහැකි වු බව තායිලන්ත නාවික හමුදා පැවසීය.

කෙසේ වෙතත් මෙම නෞකාව ඇදගෙන යන මොහොතේ එම මුහුදු ප්‍රදේශය අසාමාන්‍ය ලෙස රළුවි තද සුළං ඇති වූ බව වාර්තා වේ.

ගොඩබිම කරා නැව ඇද ගෙන යෑමේදී ඉන් පිට වූ කිලෝමීටරයක් පමණ පළල වූ  තෙල් කාන්දුව අවට පිහිටි නිවාඩු නිකේතන දූපත් දක්වා පැතිරීමෙන් සහ පරිසරයට හානි සිදුවීමෙන් වැළැක්වීමට තායි බලධාරීන් කටයුතු කරමින් සිටියි.  

අද්භූත නෞකාව ගිලීගිය ප්‍රදේශය සලකුණු කිරීම සඳහා බෝ ඔයා වක් තැන්පත් කර ඇති අතර එම ස්ථානය හරහා යාත්‍රා කිරීමේ දී ප්‍රවේශම් වන ලෙස ධීවරයන්ට දැනුම් දී තිබේ




Werzuo Digital

Leave a Reply