ගිනි කන්ද පිපිරීමෙන් හටගත් සුනාමියෙන් පැසිෆික් දුපත්වලට බරපතල හානි


සුනාමි රළ ඇති කළ ටොංගාවේ දැවැන්ත ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් පැසිෆික් දූපත් ගිනි කඳු අළුවලින් සමන්විත දුමාරයෙන් වැසී ගොස් ඇති බවත් මේ වන විට සමහර ප්‍රදේශ වලට විදුලිය විසන්ධි වී සන්නිවේදනය ද සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අළු සහ දුම නිසා පෙනහළු ආරක්ෂා කර ගැනීම සඳහා මුහුණු ආවරණ පැළඳීමට සහ බෝතල් කළ ජලය පානය කරන ලෙස බලධාරීන් දන්වා ඇති බව එරට සහන සේවා ආයතන ප්‍රකාශ කළේය 

මෙම සුනාමිය හේතුවෙන් සැලකිය යුතු හානියක් සිදු වී තිබෙන බව නවසීලන්ත අගමැතිනි Jacinda Ardern පැවසීය 

බෝට්ටු සියල්ල පාහේ ගොඩබිම වෙතට පැමිණ ඇති අතර වෙරළාශ්‍රිත ප්‍රදේශ වල පිහිටි ගොඩනැගිලි වලට ද හානි සිදුවී තිබෙන බව ඇය සඳහන් කළේ  

සන්නිවේදනය බිඳවැටීම හේතුවෙන් ටොංගා දූපත් වල සිට ලැබෙන තොරතුරුවල අඩුවක් දක්නට ලැබෙන බවත් නමුත් මෙතෙක් සිදු වූ  මරණ පිළිබඳව වාර්තා වී නොමැති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළේ ය

සිදු වූ බරපතළ  හානියේ තරම තක්සේරු කිරීම සඳහා නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව නිරීක්ෂණ ගුවන් යානා යොදවා ඇති බවද එම වාර්තා සඳහන් කළේ ය 

සමහර දූපත් සම්පූර්ණයෙන්ම මුහුදු ජලයෙන් යටවී ඇති ඇතැයි චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනී යන බව එම වාර්තා පැවසීය  

භූගෝලය පිළිබඳ විශේෂඥයන් පවසන පරිදි Hunga-Tonga-Hunga-Ha’apai ගිනිකන්ද පුපුරා යාම දශක ගණනාවකට පසු කලාපයේ ඇති වූ දරුණුතම ගිනි කඳු පිපිරීමක් බව ප්‍රකාශ කර ඇත 

Werzuo Digital

Leave a Reply