පුරාණ සොහොන් බිම් ආශ්‍රිතව වසර 4,500 ක් ඉපැරණි මහා මාර්ග පද්ධතියක් සෞදි අරාබියෙන් (PHOTOS)

පුරාවිද්‍යාඥයින් පිරිසක්  විසින් වසර 4,500ක් ඉපැරණි අධීවෙගී මාර්ග ජාලයක් සෞදි අරාබියාවේ සංරක්ෂණය කර තිබු ඉපැරණි සොහොන් ප්‍රදේශයකින් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්  විසින් මෙම මාර්ග පද්ධතිය සොයාගෙන තිබේ. හෙලිකොප්ටර ආධාරයෙන්  සිදු කරන ලද ගුවන් සමීක්ෂණ, භූමි සමීක්ෂණ, කැණීම් සහ චන්ද්‍රිකා ඡායාරූප පරීක්ෂා කිරීම ඇතුළත් පුළුල් විමර්ශනයක් ඔවුන් විසින් පසුගිය වසර පුරා සිදු කර ඇත.
පර්යේෂණ තොරතුරු අනුව මෙහි පිහිටි මෙම මංපෙත් විශාල ප්‍රදේශයක් පුරා පිහිටි විවිධ ජනාකීර්ණ ක්ෂේම භූමිය සම්බන්ධ කර ඇති බවත්, ඒ අනුව සොහොන් මංපෙත් මීට වසර 4,500 කට පමණ පෙර පිහිටුවන ලද බවත් සොයාගැනීම්වලින් පෙනී යන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.
වයඹ දිග අරාබි ප්‍රාන්තවල Al-‘Ula සහ Khaybar හි විශාල දුරක් දක්වා විහිදෙන මෙම “සොහොන් මංපෙත්” මෑතක් වන තුරුම සුළු වශයෙන් පරීක්ෂණයකට ලක්ව ඇති අතර  දෙසැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද Holocene සඟරාව වෙත මෙම පර්යේෂකයන් මේ බව සදහන් කර තිබේ.
Al – Ula සහ Khaybar ප්‍රාන්තවල සිදුකළ  ඔවුන්ගේ ප්‍රාථමික අධ්‍යයනවලදි මෙම සොහොන් 17,800 කට වඩා වාර්තා කර ඇති අතර, ඉන් 11,000 ක් පමණ සොහොන් සොයාගත්  මාර්ගවල කොටසක් ලෙස පවතින බවද සොයාගෙන තිබේ .
මෙම ප්‍රදේශවල වෙසෙන ජනතාව ඔවුන් ගැන වසර දහස් ගණනක සිට දැන සිටියහ. නමුත් චන්ද්‍රිකා ඡායාරූප ලබා ගන්නා තුරු ඒවා කෙතරම් පුළුල් ලෙස පැතිරී ඇත්ද යන්න ඔවුන් දැන නොසිටි බව පර්යේෂකයන් ප්‍රකාශ කර ඇත.
රේඩියෝ කාබන් කාල නිර්ණය භාවිතා කරමින්, පර්යේෂකයන් විසින් සාන්ද්‍රිත සාම්පල සමූහයක් ක්‍රිස්තු පූර්ව 2600 සහ 2000 අතර කාලයට අයත් වූවක් බව අනාවරණය කර තිබේ. නමුත් මෙම සොහොන් වසර 1,000 කට පමණ පෙර නැවත භාවිතා කර ඇති බවද සොයාගෙන තිබේ.
මේ පිළිබඳව තවත් තොරතුරු හෙළි කර ගැනීම සඳහා  පුරාවිද්‍යාඥයන් විසින් පර්යේෂණ පවත්වා ගෙන යනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය  
Werzuo Digital

Leave a Reply