දුම්රිය වෘත්තිය සමිති නායකයින්ට එරෙහිව ත්‍රස්තවාදි පනත යටතේ නඩු පවරන ලෙස ඉල්ලමින් පොලිස් පැමිණිල්ලක්

පෙර දැනුම් දිමකින් තොරව එක් වරම දුම්රිය අතරමග නවතා දමා දහස් ගණනක් මගීන් අතරමං කිරිම කිසිදු වෘත්තිය අයිතිවාසිකමක් හෝ නිත්‍යානුකුල තත්වයක් නොවන නිසා එයට සම්බන්ධ පුද්ලයින්ට එරෙහිව ත්‍රස්තවාදි පනත යටතේ නඩු පවරන ලෙස ඉල්ලා මුහුදු බඩ දුම්රිය මගී සමිතියේ සභාපති දේශමාන්‍ය ගාල්ලේ ගුණපාල විතාරණ මහතා සෙනසුරාද (15) ගාල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ..
පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරමින් කරන ලද පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වන්නේ දුම්රිය වෘත්තිය සමිති අත්තනෝමතිකව වැඩ වර්ජනයක් කර  සංචාරකයින් ඇතුලු දහස් ගණනක් දුම්රිය මගීන් අතරමං කොට ඔවුන් සැඟව සිටි බවය. 
මාසයකට පමණ පෙර මුදල් ගෙවා ප්‍රවේශ පත්‍රද වාර ප්‍රවේශ පත්‍රද ලබාගත් පාසල් සිසුන් රජ්‍ය සේවකයින් සංචාරකයින් ඇතුලු දහස් ගණනක් මගි ජනතාව අතරමං කිරිම ත්‍රස්තවාදි ක්‍රියාවක් බැවින් මෙයට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදි පනත යටතේ නඩු පවරන ලෙසද ඒ මහතාගේ පැමිණිල්ලේ සඳහන්වේ.
Werzuo Digital

Leave a Reply